රිවෝල්වරයක් සහ පිස්තෝලයක් සමඟ වැල්ලම්පිටිය නාගහමුල්ල ප්රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව නාගහමුල්ල 101 වත්ත ප්රදේශයේ නිවසක සිටියදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු එම ප්රදේශයේම පදිංචි 29 හැවිරිදි අයෙක්. ඔහු අද අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.