මැතිවරණවලදී ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශ ක්රියාත්මක කිරීමට ඉදිරියේදී නීති සම්පාදනය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරණයට අදාළ ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම කොළඹ පදනම් ආයතනයේදී අද සිදුවුණා. ඒ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්.
සියලු අංශ ආවරණය වන පරිදි මෙම ප්රතිපත්ති ප්රකාශය සම්පාදනය කර තිබෙනවා. ආගමික නායකයින්, විද්වතුන් මෙන්ම ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jhMtUMc0xRs”]