චන්ද්‍රයාගේ භූගත ජලය පවතින්නේදැයි පරික්ෂා කිරිම සදහා නව ගවේෂණ යානයක් යැවීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.
වයිෆර් ලෙස නම්කෙරුණු රොබෝ ගවේෂකය 2022 වසරේදි සදමතට යැවීමටයි නාසා ආයතනය තීරණය කර ඇත්තේ. ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, නාසා ආයතනය පවසනවා.
2024 වර්ෂයේදි ඇමරිකානු ගගනගාමීන් යළි සදමතට යැවීමයි අපේක්ෂාව. ඊට පෙර සදේ ජලය පවතින්නේදැයි තහවුරු කරගැනීම 2022 පර්යේෂණයේ අරමුණ බව නාසා ආයතනය ප්‍රකාශ කලා.