fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට යළි වැසි වැඩිවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 09:34

අද සිට යළි වැසි වැඩිවෙයි

අද (26) සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර සියය ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පවසන්නේ.

මුහුදු ප‍්‍රදේශ කිහිපයකට සුලගේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහල යා හැකියි. ධීවර සහ නාවික ප‍්‍රජාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ.

නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් දීර්ඝ කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ. බදුල්ල , කෑගල්ල, රත්නපුර, කලුතර ඇතුලු දිස්ත‍්‍රික්ක ඊට ඇතුලත්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්