අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා.
කොහුවල වලව්වත්ත පාර හන්දිය ආසන්නයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනායි.
ඔවුන් දෙදෙනාම 18 හැවිරිදි වියෙහි පසුවනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.