ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්රදේශයේ 25 වන කිලෝමීටර කණුව ආසන්නයේ මාර්ගයක විශාල ලෙස ගල් හා පස් පෙරළීමෙන් ගමනා ගමන කටයුතු ඇණ හිටියා.
මාර්ගයේ ඉරිතැලීම් කිහිපයක් ද දක්නට ලැබෙනවා. පසුව මාර්ගයේ එක් මංතීරුවක ගල් හා පස් ඉවත් කිරීමෙන් එය ගමනාගමන කටයුතුවලට විවෘත කෙරුණා. කෙසේ වුව ද මාර්ගයට ගල් පෙරළීම තවදුරටත් සිදුවන බවයි අප වාර්තාකරු පවසන්නේ.
ඒ හේතුවෙන් රථවාහන ගමන් කිරීම කඩින් කඩ සිදු කිරීමට පියවර ගැනුණා. අද (25) රාත්රිය වන විට මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවන බවයි පොලීසිය පවසන්නේ.