සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණයට පෙනී සිටින සිසුන් සදහා හෙට (26) දහවල් 12 දක්වා කාර්යාලය විවෘත කර තබන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සමගාමීව ප්‍රාදේශිය කාර්යාල ද විවෘත කර තැබීමයි සැලසුම. ඒ අනුව ගාල්ල , කුරුණෑගල, වව්නියාව හා මඩකලපුවේ පිහිටි කාර්යාල මගින් ද සේවා ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සියලු අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත් සාමාන්‍ය පෙළ විභාගයට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකිරිමට පියවර ගෙන තිබෙනවා.