කොළඹ කොටුවේ විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් සරසවි සිසු සිසුවියන් පනස් දෙදෙනෙකු ශරීර ඇපමත මුදාහැර තිබෙනවා.
කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතායි නියෝගය ලබාදුන්නේ. සිද්ධියේ දසවැනි සැකකරු පමණක් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි නියෝග කළේ.
ඇපමත සිටිමින් එවැනිම වරදක් යළි සිදුකිරිම මතයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ. මෙම සිසුන් පනස් තුන් දෙනා ඊයේ (24) අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝග නොතකා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කොළඹ කොටුවේ සිදුකළ විරෝධතාව හේතුවෙන්.