තහනම් දැල් භාවිත කර ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ත්රිකුණාමලය උප්පාරු මුහුදු ප්රදේශයේදී. නැගෙනහිර නාවික විධානයයි වැටලීම සිදුකළේ. ඔවුන් සතුව තිබී ඩිංගි යාත්රාවක්, පිටත දහන යන්ත්රයක්, තහනම් දැලක් හා මසුන් කිලෝග්රැම් 45 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් කින්නියා සහ චීන වරාය ප්රදේශවල පදිංචි කරුවන්. විමර්ෂණ කටයුතු සදහා ඔවුන් මුතුර් ධීවර පරික්ෂක වෙත භාරදීමටයි නියමිත.