නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොලේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ කුවේට් සිට මෙරටට පැමිණීමේදීයි. ශ්‍රී ලාංකික සැකකරු රැගෙන ආ දුම්වැටි ප්‍රමාණය කාටන් 135ක්. එහි වටිනාකම රුපියල් ලක්ෂ 16 කට අධික බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසන්නේ.
සැකකරුගේ ගමන් මළු තුල සගවා මෙම දුම්වැටි රැගෙනවිත් තිබුණා.