ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා අතර පැවැත්විමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අනිද්දා (27) ආරම්භවීම නියමිතයි. දෙරට අතර ඊයේ (24) පැවති පුහුණු ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමත් වුනා.
කැන්බරාහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 08ක් දැවි ලකුණු 131ක් රැස් කළා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 38යි. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියා අග්‍රමාත්‍යවරයාගේ කණ්ඩායම කඩුලු 09ක් දැවි ජයග්රාහි ඉලක්කය පසු කළේ අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීයි.
පන්දු යැවිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් රාජිත කඩුලු 03ක් බිද හෙලුවා.දෙරට අතර පැවති විස්සයි 20 පුහුණු තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස එරට අගමැති ස්කොට් මොරිසන් කටයුතු කළා. ඔහු පිටියේ පන්දු රැකි සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට බිමට අවශ්‍ය ජලය සහ අනෙකුත් අවශ්‍ය දේවල් රැගෙන අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාංගනය තුලට පැමිණිම ක්‍රිඩා විචාරකයින්ගේ අවධානයට ලක්වුනා.
තරගයේ සජීවී විස්තර කථනයට එක්වූ ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටියේ කැනබරා වැසියන් ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කරන බවයි.