දකුණු කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් අක්කර දස දහසක භූමි ප්රමාණයක් විනාශ වී තිබෙනවා.
පුද්ගලයින් දෙදහසක් පමණ එම ප්රදේශයෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. වියළි කාලගුණය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. නිවාස එක්ලක්ෂ අසූ දහසකට පමණ විදුලිය ද ඇන සිට ඇති බව සදහන්. ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවන භටයින් 500කට අධික පිරිසක් යොදවා තිබෙනවා.