පුත්තලමේදී සිදුවූ රිය අනතුරකින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුර සිදුවුණේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්රදේශයේදී. රියදුරුට වෑන් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව එය ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
ඉන් පිරිමි පුද්ගලයෙකු , කාන්තාවක් සහ කුඩා දැරියක් මියගොස් තිබෙනවා. තුවාල ලැබූතවත් 8 දෙනෙකු ප්රතිකාර ලබන්නේ පුත්තලම රෝහලේ.