19 හැවිරිදි සිසුවියක් ගිනි තබා ඝාතනය කිරිමට වැරදිකරුවන් වූ 16 දෙනෙකුට බංගලිදේශ අධිකරණය මරණ දඩුවම නියම කර තිබෙනවා.
ඩකා නුවර පිහිටි ෆෙනී නගරයෙන් මෙම ඝාතනය වාර්තාවුණේ මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී. ඉතා කෙටි කාලයක් තුළ අවසන් වූ නඩු විභාගයක් ලෙස මෙය සැලකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තම ගුරුවරයාගෙන් ලිංගික අතවර සිදුවන බවට නුස්රත් ජහාන් නැමැති සිසුවිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය ඉල්ලා අස්කරගන්නා ලෙස ඇයට බලපෑම් කළ ද පැමිණිල්ල ඉවත් නොකිරීම හේතුවෙන් සිසුවිය ගිනිතබා ඝාතනය කර ඇති බවයි නඩු විභාගයේදී හෙලිවුණේ.
එය සියදිවි හානිකිරිමක් ලෙස හැගවීමට ද ඔවුන් උත්සාහ දරා තිබෙනවා. එහෙත් බරපතල පිලිස්සුම් තුවාල ලබාසිටියදී සිසුවිය ලබාදුන් හඩපටයක් හේතුවෙන් නිවැරදි විනිශ්චයකට එළඹිමට හැකිවු බවයි බංගලිදේශ වාර්තා පෙන්වා දෙන්නේ.