තුර්කියට පනවා තිබූ සම්බාධක ඉවත් කිරිමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කළා.
සිරියා දේශසිමාවේ සටන් විරාමයක් ක්රියාත්මක කිරිමට එකඟතාවකට පැමිණීමයි ඊට හේතුව. ඒ පිළිබඳ රුසියාව හා තුර්කිය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. කුර්දි සටන්කරුවන්ට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කිරිමත් ඔවුන්ගේ අරමුණක් . කෙසේවෙතත් සටන් විරාමය හේතුවෙන් මතුවිය හැකි අර්බුද සමථයකට පත්වන බවයි ඇමරිකාව පවසන්නේ.
ඒ අනූව පසුගිය 14 වනදා සිට ආරක්ෂක, බල ශක්තිය ඇතුළු අංශවලට පනවා තිබූ සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කළා. සිරියාවේ ආරක්ෂක අංශ කුඩා කණ්ඩායමක් රඳවා තැබිමටත් ඔහු තීරණය කර තිබෙනවා.