කුකුළු මස් සහ බිත්තර ආනයනය නතර කර තිබෙනවා. උත්සව සමයේ හිගයකින් තොරව කුකුළු මස් කිලෝවක් රුපියල් 450 කට අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කළ බව කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. බිත්තරයක සිල්ලර මිල රුපියල් 17 ක්.
අමාත්‍ය පී හැරිසන් මහතා සමඟ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය මේ සඳහා එකඟතාව පළ කර තිබෙනවා. සම රහිත කුකුළු මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 570 ක්. මෙම මිල ගණන් ලබන ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක වනු ඇති. මෙම එකඟතාවන් සඳහා වන ගිවිසුම ද සංගමයේ නිලධාරීන් අමාත්‍යවරයා වෙත භාර දුන්නා. රුපියල් 17 ක උපරිම සිල්ලර මිලකට ලබන අප්‍රේල් මාසය දක්වා හිගයකින් තොරව බිත්තර ලබා දීමට ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී තිබෙනවා. බිත්තර සම්බන්ධ ගැටලු විසදීමට 037 22 93 300 ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දීමද මෙහිදී සිදු කෙරුණා.