fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට තැපෑලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 09:34

නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට තැපෑලට

ජනාධිපතිවරණ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට (25) තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා.

ඒවා බෙදාහැරිමේ විශේෂ දිනයක් ලෙස ලබන මස තුන් වනදා ප‍්‍රකාශ කර තිබෙනවා. නිල ඡන්ද දැන්විම් පත‍්‍රිකා බෙදාහැරිම අවසන් වන්නේ ලබන මස නව වනදා. එම දිනයෙන් පසුව තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් අනතුරුව ඒවා ලබාගත හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

මේ අතර ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය ලබන මස 06 වනදාට පෙර අවසන් කරන බවයි රජයේ මුද්‍රණාලය සඳහන් කළේ. ඡන්ද පත‍්‍රිකා එක් කෝටි හැත්තෑ දහසකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo