ධීවර ප්‍රජාවට අවශ්‍ය බහුදින යාත්‍රා ඇතුළු සියලුම උපකරණ සහනාධාර ක්‍රමවේදයකට
Related Articles
ධීවර ප්‍රජාව ශක්තිමත් කිරීම සදහා ඔවුන්ට අවශ්‍ය බහුදින යාත්‍රා ඇතුළු සියලුම උපකරණ සහනාධාර ක්‍රමවේදයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් නාත්තණ්ඩිය නගරයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා අපේකෂක ක්‍රිස්ටි එම් මනුවෙල් රැද්‍රිගු මහතා මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එක්වුණා.