fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2019 10:38

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල

ගම්පොළ බෝතලාපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

ගම්පොළ බෝතලාපිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදීයි අනතුර සිදුව තිබෙන්නේ. මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් මීටර් සියයකට අධික දුරකට ඇදී ගොස් තිබෙනවා. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බෝතලාපිටිය දේවරාජ මාවතේ පදිංචිකරුවන් පිරිසක්. තුවාලකරුවන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දුම්රිය හරස් මාර්ගයේ මුරකරු සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2019 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්