ලොව මිල අධිකම චොක්ලට් එක ඉන්දියාවේ මුම්බායි නුවරදී එළිදැක්වුවා.
ඉන්දියවේ ITC සමාගමේ සුවිශේෂි ෆැබෙල් චොක්ලට් වර්ගයට මෙය අයත් වනවා. ට්රෆල් එක්ස්ට්රාඕඩිනරි ලෙසයි මෙම චොක්ලට් ත්රිත්වය හඳුන්වා දී තිබෙන්නේ. ජිවිතයේ අවස්ථා තුනක් නිරුපණය වන පරිදි මෙම චොක්ලට් නිෂ්පාදනය කර ඇති අතර නිර්මාණය වීම , වර්ධනය වීම සහ විනාශ වීම මෙමගින් නිරුපණය කෙරෙනවා. මෙම චොක්ලට් කිලෝග්රෑමයක මිල ඉන්දීය රුපියල් ලක්ෂ 4 ක් පමණ වන අතර සිමීත චොක්ලට් ප්රමාණයකුයි නිපදවා තිබෙන්නේ. ජැමෙයිකා කෝපි , වැනිලා ඇට , බෙල්ජියම් සුදු චොක්ලට් සහ හේසල්නට් යොදාගෙන මෙම චොක්ලට් නිපදවා තිබෙනවා.