fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2019 10:15

සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගකර සිටින්නේ සජීවී රූපවාහිනී වැඩසටහනකදී තම තමන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සහ දැක්ම සාකච්ඡා කළ යුතු බවයි. ශක්තිමත් අපේක්ෂකයෙකු තමන්ගේ ප්‍රතිවාදියා හා ගැටීමට බිය නොවිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වන්නේ. අද පැවති මාධ්‍ය හමුවකදී ද මේ පිළිබදව අදහස් පළවුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්