ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා සහභාගි වන බවට රටවල් කිහිපයක් තහවුරු කර ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
දකුණු ආසියාතික රටවල් , ඉන්දුනිසියාව සහ දකුණු කොරියාව ද ඊට අයත්. ලබන 12 වනදා ඔවුන් දිවයිනට පැමිණෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මේ අතර පැෆ්රල් සංවිධානය ද දිගු කාලින නිරික්ෂණ වැඩසටහන් ආරම්භ කළ බවයි එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
සමාජ මාධ්‍ය නිරික්ෂණය සඳහා ද කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. වෛරි සහගත ප්‍රකාශ හා අසත්‍ය තොරතුරු පිළිබඳවයි වැඩි අවදානය යොමුවුණේ. ලබාගන්නා වාර්තා මැතිවරණ කොමිසම මගින් ෆේස්බුක් සමාජ ජාලයට ලබාදීමටත් කටයුතු කරන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.