සාමාන්‍ය සිහිකැදවීම් හා උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ අවභාවිත කරමින් ඇතැම් පුද්ගලයන් ජනතාව බියට පත්කරන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බව ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂාව සම්බන්ධයෙන් චක්‍රලේඛ සහ සාමාන්‍ය සිහිකැඳවීම් සඳහා ලිපි නිකුත් කර තිබෙනවා. මහජනතාව බියට පත්කරන ආකාරයෙන් ඇතැම් ආයතන සහ පුද්ගලයන් ලිපි නිකුත් කර ඇති බවටයි තොරතුරු හෙළි වුණේ.
ශ්‍රි ලංකාව තුළ ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා. ඒ අනූව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසටයි ජනාධිපති ලේකම්වරයා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.