පවත්නා වැසි තත්ත්වය ලබන මස මුල් සතිය දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (21) දිනට සාපේක්ෂව අද (22) දිනයේදී වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/U4zqnufhPnE”]
අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටිනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් දෙදහස් දෙසීය තිස් තුනක පුද්ගලයින් හත්දහස් හයසිය විසි දෙදෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා. වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි.
පීඩාවට පත්වූවන් ආරක්ෂිත ස්ථාන 3 ක රඳවා සිටිනවා. මේ අතර තබ්බෝව, දැදුරුඔය සහ රාජාංගනය ජලාශවල වාන්දොරටු විවෘත කර තිබෙනවා. අධික වැසි සමග ඇති වූ සුළං හේතුවන් ප්‍රධාන මාර්ගවලට ගස් කඩා වැටී ගමනාගමනයට ද බාධා එල්ල වුණා.
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ නිවාස රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ද අධික වර්ෂාවෙන් බලපෑම් එල්ලවී තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පට්ටිගොඩ, පැල්පිට, වටද්දර බටහිර, තිහාරිය නැගෙනහිර, නම්බදලුව ආදී ගම්මානවල නිවාස 45 ක් පමණ ජලයෙන් යටවුණා. මාර්ග කිහිපයක් ද ඒ සමග ජලයෙන් යටව පැවති බවයි අත්තනගල්ල ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ.