fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ජපාන හිටපු අගමැති හමු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 18:44

ජනපති ජපාන හිටපු අගමැති හමු වෙයි

ජපානයේ නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්වුණා. උත්සවය පැවැත්වුණේ රටවල් 180 කට අධික රාජ්‍ය නායකයින්ගේ හා ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන්.

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ලොව රාජ්‍ය නායකයින් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම උළෙලට එක්ව සිටියා. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු,  බෙල්ජියමේ රජු වන පිලිප් කුමරු,  ස්වීඩන් රජු මෙන්ම කටාරයේ එමීර් වරයා ද මීට එක්ව සිටි සම්භාවනීය අමුත්තන් පිරිසට ඇතුළත්.

මේ අතර ජපාන තෙදින නිල සංචාරයකට එක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකුඩා මහතා අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. දෙරට අතර පවතින නොබිදෙන මෙන්ම සමීප සබදතා පිළිබද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණු අතර එම සබදතා ඉහළ නංවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම ධුර කාලය තුළ ඉටුකළ මෙහෙය ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්වුණා.

ජනාධිපතිතුමා ධුරයෙන් විශ්‍රාම ලැබුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙනගිය වැඩිපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාම අවශ්‍ය බවයි ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු හා ආර්ථික අභිලාශයන් ඉටුකර ගැනීමට ජපානය ලබාදුන් සහයෝගයට ස්තූතිය පළකළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සුහද මිතුරෙකු ලෙස ජපානයේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බවද මෙහිදී අවධාරණය කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo