තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරිම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජාතික හැදුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැදුනුම්පත ඊට ඇතුලත්. මෙම කිසිදු හැදුනුම්පතක් හෝ ජාතික හැදුනුම්පත් අංකය සදහන් රාජකාරි හැදුනුම්පත හෝ නොමැතිව කිසිවෙකුටත් තම අනන්‍යතාව සනාථ කළ නොහැකි බැවින් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමේදි ඡන්ද දායකයෙකු ලෙස සලකා කටයුතු කළ නොහැකි බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් සියලු සහතික කිරිමේ නිලධාරින් දැනුවත් කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා.