fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුව ද ? ප්‍රජාතන්ත්‍රවාදය ද ?

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 18:01

රටට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුව ද ? ප්‍රජාතන්ත්‍රවාදය ද ?

රටට අවශ්‍ය වන්නේ ඒකාධිපති යුගයක් ද නැතහොත් අංග සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් ද යන්න තීරණය කිරීමට මාධ්‍යවේදීන්ට කාලය උදා වී ඇති බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධාන කළ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ රජය මැදිහත්වී මාධ්‍ය නියාමනය කිරීමට අවශ්‍ය නැති බවයි.

දිනූ දේශය රැකගමු ඒකාධිපතිත්වයට වැට බඳිමු යන තේමාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනවල නියෝජිතයින් ද වෙබ් සහ සමාජ ජාලා ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

රාජිත සේනාරත්න,   පාඨලී චම්පික රණවක,  මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඇතුලු මැතිඇමතිවරුන් රැසක් ද ඊට සහභාගි වුණා.

මේ අතර සමාජ සාධාරණත්වය උදෙසා රතු තරු ජනබලය යන මැයෙන් වමේ ජාතික ව්‍යාපාරයේ ජාතික මහා සමුළුවට ද ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අද(22) එක්වුණා.

තම රජයක් යටතේ ගිවිසුම්වලට එළඹෙන්නේ ජාතික ආරක්‍ෂාවට පමණක් බවයි ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්