fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව වැඩිම ලොම් ප‍්‍රමාණයක් ඇති බවට සැලකෙන බැටලුවා ඔස්ටෙ‍්‍රිලියාවේදී මියයයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 15:50

ලොව වැඩිම ලොම් ප‍්‍රමාණයක් ඇති බවට සැලකෙන බැටලුවා ඔස්ටෙ‍්‍රිලියාවේදී මියයයි

ලොව වැඩිම ලොම් ප‍්‍රමාණයක් ඇති බවට සැලකෙන බැටලුවා මියගොස් තිබෙනවා.

ඒ ඔස්ටෙ‍්‍රිලියාවේ නිව් සවුත්වේල්ස් හි ගොවිපොලකදී.විශාල ලොම් ප‍්‍රමාණයකට හිමිකම් කී බැටලුවා ජාත්‍යන්තර අවධානයට ලක්වුයේ 2015 වසරේදී. අධික ලොම් ප‍්‍රමාණය බැටලුවාගේ ශරීර සෞඛ්‍යයට අහිතකර වන බවට පශු වෛද්‍යවරුන් තීරණය කළා.

ඉන්පසු ලොම් ඉවත්කිරිමටයි ගොවිපොලේ කාර්ය මණ්ඩලය කටයුතු කළේ. එහිදී ඉවත්කළ ලොම් ප‍්‍රමාණයේ බර කිලෝග‍්‍රෑම් 41 ක්. එය සාමාන්‍ය බැටලුවෙකුගේ ලොම්වල බරමෙන් පස් ගුණයකින් වැඩි බවයි පශු වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර තිබුණේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්