සමාජ ජාල ඔස්සේ පැතිරයන පොලිස් නිලධාරියෙකු මෝටර් රථයක ඉදිරිපස සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත්කරන ලෙසට සිදුකරන දැනුම්දිම සහිත පුවත අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මුලස්ථානය පවසනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් මුලස්ථානයේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිලිබද අධ්යක්ෂ ඉන්දික හපුගොඩ මහතා විමර්ෂණයක් සිදුකළා. එහිදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර වන ලෙස මැද කණ්ණාඩියේ පහතට වැටෙන සේ සවිකර තිබූ මල්මාලා ඉවත්කිරිමට පමණක් අදාල පොලිස් නිලධාරියා උපදෙස් ලබාදී ඇති බවයි.
විමර්ෂණයේදී මෝටර් රථයේ පැදවූ පුද්ගලයාගෙන් හා තවත් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම ප්‍රකාශවලින් ද එවැනි සිදුවීමක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.