43 වන කැනඩා මහමැතිවරණයෙන් පාලක ලිබරල් පක්ෂයට ජය හිමිවී තිබෙනවා.
කැනඩා අග්රාමාත්යජස්ටින් ටෘෘඩෝ මෙම පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ අනුව ඔහු සිය දෙවන ධුර කාලය සදහා කැනඩා අග්රාමාත්ය ධුරය හොබවනු ඇති. කෙසේ වෙතත් බහුතර බලයක් හිමිනොවීම හේතුවෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇති බවටයි දේශපාලන විචාරකයින් පවසන්නේ. රජයක් පිහිටුවීම සදහා ලිබරල් පක්ෂය සමග තවත් පක්ෂයක් හෝ කිහිපයක් එක්වනු ඇති. කොන්සවේටිව් පක්ෂය මෙම මැතිවරණයේදී ජයග්රහණය කරනු ඇති බවට මත පල වුවද ඔවුන්ට නිසි ඡන්ද ප්රතිශතයක් දිනා ගැනීමට හැකිවුණේ නැහැ.