fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තවත් තරග දෙකක් දෙසැම්බර් මාසයේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 11:09

ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තවත් තරග දෙකක් දෙසැම්බර් මාසයේ

පාකිස්තාන කණ්ඩායම සමග එරට පැවැත්වීමට නියමිත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්නොවන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලීග් තරගාවලි සඳහා අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරග දෙකක් ලබන දෙසැම්බර් මස පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියට එක් නොවන කී‍්‍රඩකයින්ට ටීටෙන් තරගාවලිය ඇතුලූ ඉදිරියේදී රටින් පිටත පැවැත්වෙන ලීග් තරගවලි සඳහා සහභාගිවීමට අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.  නිමාවූ ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාවක් සැපයීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කළා.  එම තරගාවලියට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කළ නිරෝෂන් දික්වැල්ලට සහ තිසර පෙරේරාට කැරිබියන් පි‍්‍රමියර්ලීග් තරගාවලිය සඳහා අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මීට පෙර කටයුතු කර තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 11:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්