සිම්බාබ්වේ රජයේ වන අලින් 55 දෙනෙකු එරට පවතින දැඩි නියගය හේතුවන් මිය ගොස් තිබෙනවා.
සිම්බාබ්වේ රාජ්‍යයේ හවන්ගේ ජාතික උද්‍යානයේ පසුගිය මාස දෙක ඇතුලත මෙම වනඅලින් මියගොස් ඇති බවයි එම උද්‍යාන භාර කරුවන් සඳහන් කළේ. මාස ගණනක් පුරා පවතින දැඩි නියගය හේතුවෙන් එම වන උද්‍යානයේ තවත් සතුන් විශාල පිරිසක්ද මිය ගොස් ඇති බව සඳහන්. එම වනඅලින් සාගින්න හේතුවෙන් මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්ථා කළේ. සිම්බාබ්වේ රාජ්‍යයේ ධාන්‍ය අස්වැන්නේද දැඩි හිගතාවයක්ද පවතිනවා. පවතින නියගය හේතුවෙන් එරට ජනතාවටද ඉදිරියේදී දැඩි අර්බුදවලට මුහුණපෑමට සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවකට අනුව එරට මිලියන දෙකක ජනතාවක් සාගින්නට ගොදුරුවීමේ අවදානමට ලක්ව සිටිනවා.