fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව බ්‍රිතාන්‍යයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 10:24

යුරෝපා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව බ්‍රිතාන්‍යයට

යුරෝපා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව හිමිකර ගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සමත් වුණා.

බෙල්ජියමේ පැවති තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගය බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සහ ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලාස් වව්රින්කා අතර පැවැත්වුනා. තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස ජයගත්තේ ස්ටැනිස්ලාස් වව්රින්කායි. දෙවන වටයේදී ඉතා හොඳින් තරගයට අවතීර්ණ වූ ඇන්ඩි මරේ ලකුණු 6ට 4ක් ලෙස එම වටය ජය ගත්තා. තීරණාත්මක තුන්වන වටයත් ලකුණු 6ට 4ක් ලෙස ජයග්‍රහණය කළ ඇන්ඩි මරේ සමස්ත තරගය ජයගත්තේ වට 2ට 1ක් ලෙසයි. පසුගිය ජනවාරි මාසයේදී උකුල ප්‍රෙද්ශයේ සිදුකළ ශල්‍යකර්මයෙන් පසු ඇන්ඩි මරේ ජයගත් පළමු තරගාවලිය මෙයයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 10:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්