ආසියා ක්‍රිකට් සංගමය පළමුවරට සංවිධාන කරන ආසියා කුසලාන කාන්තා නැගි එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි. ඒ පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩිකාවන් අටදෙනෙකු ඇතුලත්ව සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ හර්ෂිතා මාධවී. මෙම තරගාවලියට පාකිස්තානය, බංග්ලාදේශය,ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් එක්ව සිටිනවා. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග දෙකක් පැවැත්වෙනවා. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය තර්ස්ටන් විදුහල් ක්රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්රිඩාංගනයේදී පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර තරගය ද පවැත්වෙනවා. තරගාවලිය අද සිට ලබන 27වනදා දක්වා පැවැත්විමටයි ආසියා ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.