තමන් බලයට පත් වූ විගසම මව්බිම සුරක්ෂිත රටක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මැතිවරණ රැළියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ මෙම ජන හමුව බෙලිඅත්ත නගර මධ්‍යයේදී පැවැත්වුණා. බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව සංවිධාන කළ මෙම ජන හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HSZSELT8vPM”]
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් හම්බන්තොට රන්න නගරයේදීද පැවැත්වුණා. මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් එම රැස්වීමට ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/hiH_aGUTcYk”]