බඩු මිල අඩු කරන්න ජීවන වියදම් කමිටුව තීරණය කරයි
Related Articles
ඉදිරි උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.
දැනට රුපියල් 450ත් 500 ත් අතර පවතින වියළි මිරිස් කිලෝ ග්‍රෑමයක මිල පහත දැමීම සඳහා එහි ආනයනික බද්ද අඩු කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ බද්ද රුපියල් 20 කින් අඩු කරන බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ආනයනික මාළු කිලෝවක් සඳහා වන බද්ද ද රුපියල් 75 කින් අඩු කෙරෙනු ඇති. උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල පාලනය කිරීම සඳහා කුකුල් මස් හා බිත්තර ආනයනයට ද අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ ගබඩාවල ඇති වී තොග මෙට්‍රික්ටොන් හතළිස් අටදහසක් සහල් කර සතොස ජාලය හරහා පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරන බවයි හැරිසන් මහතා සඳහන් කළේ. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 80 කට ද සම්බා කිලෝවක් රුපියල් 85 කට ද අලෙවි කෙරෙනු ඇති.