පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට නීතිවිරෝධිව ගෙන්වා තිබූ රුපියල් මිලියන 74 ක් වටිනා චීන දුම්වැටි තොගයක් විනාශයට පත් කෙරුණා. ඒ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේදී.
ශ්‍රී ලංකාවේ සේවය කළ චීන ජාතිකයෙකු මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ආවේ ස්ප්‍රින් මෙට්ට තොගයක් ගෙන එන බව ප්‍රකාශ කරමින්. රේගු මධ්‍යම විමර්ශන අංශය සිදුකළ වැටලීමකදී මෙම තොගය අත්අඩංගුවට ගැනුනා. රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේයි දුම්වැටි තොගය අද විනාශයට පත් කෙරුණේ. මෙසේ ගෙන්වා තිබූ දුම්වැටි සංඛ්‍යාව මිලියනයකට අධික බව රේගුව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uptcRgIMfo0″]