ලෙබනනයේ පවතින ගැටුම් මැඩ පැවැත්වීම සදහා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ලෙබනන් අග්‍රාමාත්‍යවරයා පවසනවා.
ලෙබනනය තුළ ඇතිවී තිබෙන නොසන්සුන්කාරීත්වය සමගයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ. ලෙබනනයේ සභාග රජය එකගව ඇත්තේ පූර්ණ ආර්ථික ප්රතිසංස්කරණයක් තුළින් ජනතාවගේ දැවෙන ගැටලු ආමන්ත්‍රණය කිරීමටයි. මේ වන විට දහස් ගණනක ජනතාවක් උද්ඝෝෂණ සදහා වීදිවලට රැස්ව සිටින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. රටේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීම සහ උද්දමනය ඉහළ යාම නිසා ජනතාව ආර්ථික සහන ලබා දෙන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතව සිටිනවා.