රන් බිස්කට් කිලෝග්රෑම් 04 ක් සමඟ කටුනායක ගුවන් තොටුපලේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපලේ තීරුබදු වෙළඳසලක සේවකයකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු පිළිබඳ සැක සිතී කළ පරික්ෂා කිරීමේදී අදාළ රන් බිස්කට් තොගය සොයා ගැනීමට හැකි වූ බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ. ඒවායේ වටිනාකම රුපියල් තුන්කෝටි විසි ලක්ෂයක්. සැකකරු කොළඹ 14 ප්රදේශයේ පදිංචිකරුවෙක්.