fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලිවියා ජනාධිපතිවරණයෙන් එවෝ මොරායෙස් ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 14:24

බොලිවියා ජනාධිපතිවරණයෙන් එවෝ මොරායෙස් ඉදිරියෙන්

බොලිවියා ජනාධිපතිවරණයෙන් එවෝ මොරායෙස් ඉදිරියෙන් සිටිනවා.

බොලිවියා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට  85%කින් පමණ අවසන් වී තිබෙනවා. වර්තමාන බොලිවියා ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද ප්‍රතිශතය 45.3%ක් බව සඳහන්. ප්‍රතිවාදී හිටපු බොලිවියා ජනාධිපති කාලොස් මෙසා ලබා ගෙන ඇත්තේ 38%ක් පමණයි. එවෝ මොරායෙස් මෙවර ජනාධිපතිවරණයට තරග කළේ සිය 4 වන ධුරකාලය සඳහායි. 2006 වසරේ බලයට පත්වූ ඔහු එරට ප්‍රථම ස්වදේශික ජනාධිපතිවරයා ද වනවා. කිසිඳු අපේක්ෂකයෙකු බහුතර බලය ලබා නොගැනීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමකට යාමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 14:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්