අපවත් වී වදාල නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කුරුනෑගොඩ පියතිස්ස ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණා.
නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති කුරුනෑගොඩ පියතිස්ස ස්වාමීන්වහන්සේගේ අදාහන පූජෝත්සවය සදහා දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වුණා. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා,එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්වුණා.