fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක වශයෙන් මයිකල් හසී පත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:37

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක වශයෙන් මයිකල් හසී පත් කෙරේ

සංචාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක වශයෙන් මයිකල් හසී පත් කර තිබෙනවා.

මෙම තරගාවලියේදී ඕස්ට්‍රේලියා නිත්‍ය පිතිකරණ පුහුණුකරු වන රිකි පොන්ටින්ට අමතරවයි හිටපු ඕස්ට්‍රේලියා මැද පෙළ පිතිකරු මයිකල් හසී නව පිතිකරණ උපදේශකයා වශයෙන් පත් කර තිබෙන්නේ. දෙරට අතර පැවැත්වෙන 20-20 තරගාවලියේදී ඕස්ට්‍රේලියා පන්දු යැවිමේ පුහුණුකරු වශයෙන් ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රිඩක රයන් හැරීස් පත් කර තිබිමද විශේෂත්වයක්. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග සංචාරය දැඩි අභියෝගයක් වනු ඇතැයි ක්‍රිඩා විචාරකයින් පවසන්නේ. මේ අතර ආබාධ තත්ත්වයක්  හේතුවෙන් ඕස්ට්‍රේලියා එක්දින නායක ආරොන් ෆින්ච්ට ලබන 27වනදා ඇඩිලේඩ්හි පැවැත්වෙන පළමු 20-20 තරගය අහිමිවිමේ ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්