බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා හෝමාගම එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක මංජු ශ්රී අරංගල මහතාගේ දේහයට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා.
මංජු ශ්රී අරංගල මහතා මිය යන විට 61 වන වියෙහි පසුවුණා. එක්සත් ජාතික පක්ෂයෙන් හෝමාගම ආසනයට ප්රාදේශීය සභා මන්ත්රීවරයකු ලෙස තේරීපත් වූ ඒ මහතා වසර 30 කට අධික කාලයක් එම ප්රදේශයට සේවය කළා. අභාවප්රාප්ත මංජු ශ්රී අරංගල මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඒ මහතාගේ මීගොඩ ගොඩගම පිහිටි නිවසට පැමිණි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය පල කළා. දේහය පිලිබද අවසන් කටයුතු හෝමාගම විල්ෆ්රඩ් සේනානායක ක්රීඩාංගනයේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.