තබ්බෝව, රාජාංගනය, දැදුරුඔය හා කුකුලේගග ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහල ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. පුත්තලම හා කුරුනෑගල දිස්ත්‍රික්කවල වැව් පිටාර මට්ටමේ පවතින බැවින් ඒ පිලිබදව ද සැළකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.