ශ්‍රී ලංකාව තුළ ඛණිජ කලාප ගැසට් කර එම කලාපයන්හි ජනාවාස ඉදිකිරීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබෙනවා.
රටේ සංවර්ධනයට තිරසර ලෙස ඛණිජ සම්පත් සැපයීමේ අරමුණෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා. ඒ අනුව නවීන තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ඛණිජ නිධි ගවේෂණයට විධිමත් ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ වන විට සොයා ගෙන ඇති ඛණිජ නිධි කිහිපයක ආර්ථිකමය වශයෙන් කැනීම් සිදු කිරීම සඳහා ඉල්ලුම් පත් යොමු කිරීමට මේ වන විට ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව ටෙන්ඩර් පටිපාටියක් මඟින් විනිවිධ භාවයකින් යුතුව අදාළ බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.