fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුලෝහිත සංග්‍රමයේ ජය කොළඹ ආනන්ද විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 09:16

සුලෝහිත සංග්‍රමයේ ජය කොළඹ ආනන්ද විද්‍යාලයට

කොළඹ නාලන්දා විද්‍යාලය සමඟ 18 වන වරට පැවති සුලෝහිත සංග්‍රමය හොකි තරගාවලිය ගෝල එකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරිමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වුණා.

ටොරින්ටන් කෘත්‍රීම හොකි පිටියේ පැවති තරගාවලියේ පළමු අර්ධය නිමා වන විට ආනන්ද විද්‍යාලය ගෝල එකක් ලබා සිටියා. එම අර්ධයේදී නාලන්දා විද්‍යාලයට කිසිඳු ගෝලයක් වාර්තා කිරිමට ආනන්ද ක්‍රිඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව තරගය නිමා වන විට ගෝල එකට බින්දුවක් ලෙස ජය වාර්තා කළේ ආනන්ද විද්‍යාලයයි. පසුගිය වසරේ පැවති හොකි තරගාවලියද ගෝල දෙකට බින්දුවක් ලෙස ජය හිමි කර ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. මෙම විද්‍යාල දෙක අතර මේ වන විට හොකි තරග 18ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක ජය නාලන්දා විද්‍යාලය හිමි කර ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 09:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්