fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේත් ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 08:54

දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේත් ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සබරගමුව , සහ උතුරු පළාත්වලත් ගාල්ල , මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර මන්නාරම සිට කංකසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකියි. එම අවස්ථාවන්හිදී පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා තාවකාලික තද සුළං ඇතිවිය හැකියි. ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්