වෙල්ගමගේ නිවසට පැන්න පුද්ගලයා ගැන පොලීසියෙන් පරීක්ෂණ
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ කලුවාමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පුද්ගලයෙකු රහසේ ඇතුලුවීම සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
කුමාර වෙල්ගම මහතාගේ නිවසේ එක් කාමරයකට කිසියම් අයෙකු ඇතුලුවී ඔහුගේ ලිපිගොනු පරික්ෂාකර ඇති බවක් දක්නට ඇති බව පොලීසියට දන්වා තිබෙනවා. නිවසට ඇතුලුවීම සඳහා ජනේලය ගැලවීමට භාවිත කළ උල් ආයුධයක් ද පසුව කළ පරික්ෂණවලදී පොලීසිය සොයා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළ කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය ලබා දීමට ගත් තීන්දුවට ද විරුද්ධව කටයුතු කළ අයෙක්. මේ අතර නුවරඑළියේ සංචාරයක් අතරතුර කුමාර වෙල්ගම මහතා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.