කිසිදු කොන්දේසියකට යටත් නොවන බව සජිත් කියයි
Related Articles
කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උඩුනුවර ගෙලිඔය නගරයේ පැවති ජනරැළියකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ තමන් යටත් වන්නේ පොදුජන මතයට පමණක් බවයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනරැළි රැසක් අද පැවැත්වුණේ නුවර හා නුවරඑළිය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න මහතා ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් රැසක් උඩුනුවර ගෙලිඔය ජන රැළියට එක්ව සිටියා.