fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞරාණික දැව මිනී පෙට්ටි 30ක් ඊජිප්තුවෙන් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 13:41

පෞරාණික දැව මිනී පෙට්ටි 30ක් ඊජිප්තුවෙන් සොයා ගැනේ

මිනිස් දේහයේ හැඩයට සකසන ලද පෞරාණික දැව මිනී පෙට්ටි 30ක් ඊජිප්තුවෙන් සොයා ගෙන තිබෙනවා.

ඊජිප්තුවේ ලක්සෝර් නගරයේ සිදුකළ කැනීම් වලින් මෙම දැව මිනී පෙට්ටි හමුවී තිබෙනවා. දීප්තිමත් වර්ණ යොදා ගනිමින් සකසා ඇති මෙම මිනී පෙට්ටි සමූහයේ තවමත් එම වර්ණයන් දැක ගත හැකි බවයි ඒවා සොයා ගත් විද්‍යාඥයින් සදහන් කරන්නේ. නයිල් ගං ඉවුර ආසන්නයේ සිදු කළ මෙම කැනීම්වලින් සොයා ගත් මිනී පෙට්ටි වළ දමා ඇත්තේ එකක් මත එකක් පිහිටන ලෙසයි. මෙම ඉවුර ආසන්නයේ මීට පෙර සිදුකළ පරික්ෂණවලින් පෞරාණික කර්මාන්තපුරයක් ද හමුවුණා. ඊජිප්තු පුරාවිද්‍යා අමාත්‍යාංශය සදහන් කළේ මෙය මෑත ඉතිහාසයේ විශාලතම සහ වැදගත්ම සොයා ගැනීම මෙය බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්